ගැන
හැඳින්වීම
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ වයඹ ප්‍රදේශයේ අප්‍රිකානු සම්භවය සමාජ අතර භාවිතා වන, දැඩි ලෙස අභාවයට පත්වෙමින් පවතින භාෂාවක් වන ශ්‍රී ලංකා පෘතුගීසි භාෂාව ලේඛනගත කිරීමයි. විශේෂයෙන්ම, මෙම ප්‍රජාවන් අතර තිබෙන එකම අප්‍රිකානු භාෂාමය හා සංස්කෘතික උරුමය වන මාන්ජා ලේඛනගත කිරීම සහ විශ්ලේෂණය කිරීමට අපි අවධානය යොමු කරන්නෙමු; කථිකයන්ගේම වචන වලින් කිවහොත් ‘දුප්පත්කම අපගේ අවාසනාවයි, මාන්ජා අපගේ එකම උරුමයයි’. මානව වංශ ලේඛණ සමග අති නවීන න්‍යායාත්මකකරණය ඒකාබද්ධ කරමින් ප්‍රවේශමෙන් ලියකියවිලි සකස් කිරීමෙන් ඔවුන්ගේ එකම උරුමයට දෘශ්‍යතාව ලබා දීමට අපි උත්සාහ කරන්නෙමු.
පෘතුගීසි සම්භවයක් ඇති බව සහ තමන් පෘතුගීසි වංශජයන් බව කියන පුද්ගලයින් අතර මෙම ක්‍රියෝල් භාෂාව තවමත් මව්භාෂාවක් ලෙස භාවිතා වේ. නමුත් “කැෆර්” (ශ්‍රී ලාංකික ජනවාර්ගික කණ්ඩායමක්; සමහර විට 16 වන සියවසේ දී පෘතුගීසි වෙළඳුන් සහ බන්ටු වහල් ජනයාගෙන් පැවත එන, 16 වන සියවසේ පෘතුගීසීන්ගෙන් ආරම්භ වූ යටත් විජිත යුගයට සම්බන්ධ කර ඇත) අතර භාෂාව දැන් මාන්ජා ලෙස හඳුන්වන ඔවුන්ගේ ගීතවල පද රචනා තුළ පමණක් අන්තර්ගත වේ. මාන්ජා යනු මෙම සමාජයේ ඇති එකම අප්‍රිකානු (සමහරවිට මොසැම්බික්) උරුමයයි. කෙසේ වෙතත්, මාන්ජා (පශ්චාත්) යටත් විජිත ආඛ්‍යානවල නැත. 1992 දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකු විසින් සිරම්බියාඩිය ප්‍රජාව සංස්කෘතික උත්සවයකට ඉදිරිපත් කරනතෙක් මාන්ජා හි සංස්කෘතික කණ්ඩායම තුලට සීමිතවී තිබුණි. පසුගිය වසර තුල දී, ලොව පුරා විසිරුන අප්‍රිකානු ප්‍රජාවන් පිළිබඳ දක්වන උනන්දුව නිසා, මෙම ජන සමාජයට යම් ප්‍රසිද්ධියක් ලැබී ඇත. කැෆර් සමාජයේ පරම්පරා ගණනාවකට ශ්‍රී ලංකා පෘතුගීසි මව්භාෂාව වූවත්, දැනට සිටින එකම කථිකාරිය අවුරුදු 92ක් වන කාන්තාවකි. අනෙකුත් සියලුදෙනා පාසැලේ අධ්‍යාපනයේ භාෂාව වන සිංහලට (ඉන්දු-ආර්ය භාෂාවක්) මාරුවී ඇති බැවින් ඇයට ශ්‍රී ලංකා පෘතුගීසි භාෂාවෙන් කතා කිරීමට වෙනත් කිසිවෙකු නොමැත. දූපතේ අනෙකුත් ප්‍රධාන භාෂාව වන්නේ ද්‍රවිඩ භාෂා පවුලට අයත් දෙමළ භාෂාවයි. එම නිසා, මාන්ජා සහ එහි “අගනා” වචන හා ව්‍යුහයන්—ඇතුළත් වන එමාකුවා, සමහරවිට සියාඔ, සහ කිස්වාහීලි වැනි අප්‍රිකානු භාෂාවලින් පැමිණි ඒවාද වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.
අපි දැන් ක්‍රියා නොකළොත්, දකුණු ගෝලියේ මෙම සීමාන්තික අවකාශය තුල භාෂා නිර්මාණය සිදුවූ ආකාරය තේරුම් ගැනීමට ඇති අවස්ථාව අපට සදාකාලිකව අහිමි වනු ඇත. යටත් විජිතවාදීන්ගේ භාෂාව (පෘතුගීසි), අප්‍රිකානු භාෂා (නාම්පුලා ප්‍රදේශයෙන්), සහ ශ්‍රී ලංකාවේ දේශීය භාෂා සම්බන්ධ වූහ. පළමුවැන්න හා අවසානය පිළිබඳ යම් දත්ත තිබුණත්, අප්‍රිකානු පැවැත්ම පිළිබඳ වාර්තා ඉතා සීමිතය.
අපගේ ව්‍යාපෘතිය මාන්ජා ගීතවල ගැඹුරු විශ්ලේෂණයක් මත හා ක්ෂේත්‍ර කටයුතු වලින් ලැබෙන දත්ත හා සංරක්ෂිත ලේඛනවලින් ලබාගත් දත්ත ඒකාබද්ධ කරමින් සිදු කරනු ඇත. මෙය සමාජීය හා භාෂා අත්පත් කරගැනීමේ සුදුසු පරිසරයන් තුල විශ්ලේෂණය කරනු ඇත. අවසානයේ, අප්‍රිකානු-ශ්‍රී ලංකා පෘතුගීසි භාෂාවේ නිර්මාණය පිළිබඳ සම්භාව්‍ය නැවත නිර්මාණයක් ඉදිරිපත් කල හැකි වනු ඇත. එමඟින්, අපි ඉඟි-පදනම් වූ ඉතිහාස නැවත නිර්මාණය පරීක්ෂා කරමින් භාෂා සම්බන්ධතා ආකෘතිකරණය පිළිබඳ අපගේ ප්‍රවේශය ද වර්ධනය කරමු. එමෙන්ම, ඉන්දීය සාගරයේ හා අත්ලාන්තික් සාගරයේ ක්‍රියෝල් භාෂා අතර ඇති සමානතා හා වෙනස්කම් අවබෝධ කරගැනීමටද, මාන්ජා අනන්‍යතාවය ශක්තිමත් කරන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීමටද මඟ සලසනු ඇත. මෙය දකුණු ගෝලිය, පශ්චාත්-යටත් විජිත/යටත් විජිතයෙන් තොර න්‍යාය, සංක්‍රමණ අධ්‍යයන, සහ ජාත්‍යන්තර වහල්කම අධ්‍යයන වැනි ක්ෂේත්‍රවල සාකච්ඡාවන්ට දායක වේ. ඉතා වැදගත් වශයෙන්, අපි කථිකයින්ට මාන්ජා ඉදිරියට ඉදිරිපත් කිරීමට සහ ඔවුන්ගේ මිශ්‍ර හා බහු හැඳුනුම්භාවයන් ක්‍රියාත්මක කිරීමට ශක්තිය ලබා දෙන්නෙමු. මෙය ප්‍රාදේශීය, ජාතික හා අන්තර්ජාතික සමාජ සඳහා මනෝ-සමාජීය හා සංජානනීය යහපත් දෙනු ඇත.
සමාජයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පෘතුගීසි වංශයෙන් පැවත එන ලෙස හඳුනාගන්නා (පෘතුගීසි බර්ගර්වරු ලෙස හැඳින්වෙන) පුද්ගලයින් අතර මෙම ක්‍රියෝල් භාෂාව තවමත් මව්භාෂාවක් ලෙස භාවිතා වන අතර, “කැෆර්” (සමහරවිට 16 වන සියවසේ පෘතුගීසි වෙළෙන්දන් හා වහල්කමට ගත් බන්තු ජනතාවගේ වංශජයන්ගෙන් කොටසක් වූ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායමක්) අතර මෙම භාෂාව අද “මාන්ජා” නම් ගීත පද අතරට පමණක් සීමා වී ඇත. මෙම ප්‍රජාවන්ගේ ඉතිරිව ඇති එකම අප්‍රිකානු (සමහර විට මොසැම්බික්) උරුමය මංජා වේ. කෙසේ වෙතත්, තීරණාත්මක ලෙස, (පශ්චාත්) යටත් විජිත ආඛ්‍යානවල මංජා නොමැත.
සිතියම: ඩේවිඩ් එල්ටිස් සහ ඩේවිඩ් රිචඩ්සන් විසින් රචිත ට්‍රාන්ස්-අත්ලාන්තික් වහල් වෙළඳාමේ සිතියම මත පදනම් වූ අප්‍රිකානු සම්භවය ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ සම්භවය (ණය: මයිකල් සීගල්, රට්ගර්ස් සිතියම් විද්‍යාව)
කථිකයින්ගේ හඬින්
පසුබිම: තම මුතුන් මිත්තන් ශ්‍රී ලංකාවට ගෙනා ආකාරය සිහිපත් කරන ප්‍රජාවේ සාමාජිකයෙක් සිංහලෙන් මෙසේ කියයි:
“ඉස්සරලා අකමැත්තෙන් නේ ගෙනත් තියෙන්නේ, සාමාන්‍යයෙන්. අකමැත්තෙන් වුනත් දැන් අපි කාට හරි බාරව ඉන්නවානම් එන්ඩ කියන කොට එන්ඩ වෙනවානෙ. එන්ඩ වෙනවා. අපිට වුනත් දැන් කවුරු හරි අපි දැන් බාරව ලොකු කෙනෙක් ඉන්නවා කියමුකො, එන්ඩ කිව්වොත් එන්ඩ වෙනවානෙ. ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් වැඩ ගත්තා. ඊට පස්සෙ අවසානෙට එක්දාස් අටසිය දාහතේ තමා අර යුද්දෙ දින්නට පස්සෙ, ඊට පස්සෙ තමා අපිට ඉන්ඩ තැන් දීලා ආණ්ඩුවෙ රස්සාවල් දීලා අපිව ලොකු පිලිගැනීමක් තිබුනෙ.”
පසුබිම: ප්‍රජාවේ තවත් සාමාජිකාවක් ඇගේ ආච්චි “පෘතුගීසි” භාෂාව කතා කරන බව පවසයි:
එයා දැනට ගොඩක් කථා කරන්නෙ නැහැ. හිටපු ගමන් මතක් වුනාම කියනවා, භාෂාව එනවා.
සාමාජිකාවට ඇගේ මී ආච්චි “පෘතුගීසි” භාෂාවෙන් කතා කරන සහ ගායනා කල ආකාරය ද මතකයි:
එයා නම් ගොඩක් කතා කරා [පෘතුගීසි] අපි දැනුවත්ම. [පෘතුගීසි] සින්දු එහෙම අපි පොඩි කාලෙ ඉතින් එයා කියනවා… එයා [පෘතුගීසි] කතා කරනවා මතකයි අපිට. කොහොමහරි එයා මැරෙනකොට මට අවුරුදු දොලහක්, ඒ වගේ විතර. ඉස්කෝලෙ යනවා එතකොට.