ගැන

අපි ශ්‍රී ලංකාවේ වයඹ ප්‍රදේශයේ අප්‍රිකානු වංශජ සමාජ අතර භාවිතා වන, දැඩි ලෙස අභාවයට පත්වෙමින් පවතින භාෂාවක් වන ශ්‍රී ලංකා පෘතුගීසි (එස්එල්පි) භාෂාව ලේඛනගත කරමු. විශේෂයෙන්, මෙම සමාජ  අතර තවමත් නොනැසී පවතින එකම අප්‍රිකානු උරුමය වන මාන්ජා ලේඛනගත කිරීම හා විශ්ලේෂණය කිරීම අපගේ අවධානය වේ. කථිකයින්ම කියන පරිදි, “දුප්පත්කම අපගේ අවාසනාවයි, මාන්ජා අපගේ එකම උරුමයයි.”  මානව වංශ ලේඛණ  සහ අති නවීන න්‍යායාත්මකකරණය ඒකාබද්ධ කරමින් ප්‍රවේශමෙන් ලියකියවිලි සකස් කිරීමෙන් ඔවුන්ගේ එකම උරුමයට දෘශ්‍යතාව ලබා දීමට අපි උත්සාහ කරන්නෙමු.

Image වැඩි විස්තර දැනගන්න

ව්‍යාපෘතිය

අපි ශ්‍රී ලංකාවේ වයඹ දිග පළාතේ අප්‍රිකානු සම්භවයක් ඇති ප්‍රජාවන් අතර දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති භාෂාවක් වන ශ්‍රී ලංකා පෘතුගීසි භාෂාව ලේඛනගත කරන බහුභාෂා, බහු සංස්කෘතික සහ බහු වාර්ගික පර්යේෂණ කණ්ඩායමකි.

යුකේආර්අයි අරමුදල් සමගින්, අපගේ ව්‍යාපෘතිය මෙම ප්‍රජාවන් සඳහා අප්‍රිකානු උරුමයේ එකම ඉතිරිව ඇති ප්‍රකාශනය වන මාන්ජා කෙරෙහි අවධානය යොමු කරයි. භාෂා ලේඛනගත කිරීම, විශ්ලේෂණය සහ ඓතිහාසික ප්‍රතිනිර්මාණය ඒකාබද්ධ කිරීමෙන්, අපි ප්‍රජාවන්ට ඔවුන්ගේ භාෂාමය ඉතිහාසය යථා තත්වයට පත් කිරීමට, සංරක්ෂණය කිරීමට සහ බෙදා ගැනීමට උපකාර කරන අතරම භාෂා වෙනස්වීම සහ සම්බන්ධතා අධ්‍යයනය කරමු.

Image වැඩි විස්තර දැනගන්න

සම්බන්ධ වන්න

Icon

ඔබේ දැනුම බෙදා ගන්න

වාචික සම්ප්‍රදායේ භාෂා සඳහා, ලිඛිත මූලාශ්‍ර හිඟ විය හැකිය. මෙම වඳවීමේ තර්ජනයට ලක්ව ඇති භාෂාව ආරක්ෂා කර ගැනීමට ඔබ දන්නා දේ බෙදා ගන්න

බෙදාගන්න
Icon

පුත්තලමේ ප්‍රසංගයක් වෙන්කරවා ගන්න

ශ්‍රී ලංකාවේද? මේ අපූරු කණ්ඩායම් වලින් එකක් සමග මාන්ජා ප්‍රසංගයක් වෙන්කරවා ගෙන ප්‍රජාවන්ට සහාය වන්න.

දැන් වෙන්කරවා ගන්න